අනුරාධපුර නගරයේ නව බස් නැවතුම අසළ පුද්ගලික බැංකුවක් අද (06) පෙරවරු 6.30ට පමණ මංකොල්ල කෑමට උත්සාහ කර තිබෙනවා.
ආරක්ෂක සමාගමක සේවකයන් පිරිසක් බැංකුවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයට මුදල් ඇතුළත් කිරීමට සුදානම් වූ අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මිරිස් කුඩු ගසා මුදල් පැහැර ගැනීමට සුදානම් වී ඇති බවයි liveat8 වාර්තාකරු සඳහන් කළේ.
එහිදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.
උත්සාහය අසාර්ථක වීමෙන් පසුව කොල්ලකරුවන් පළා ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




