අදානි සමඟ සුළං බලවිදුලි ව්‍යාපෘතිය අවලංගු කර නැහැ – බලශක්ති ඇමති

අදානි සමාගම සමඟ සිදුකිරීමට නියමිතව තිබූ සුළං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවන සභාවාරයේ පළමු බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම ඔහුගේ සභාපතිත්වයෙන් පෙරේදා (06) රැස් වූ අවස්ථාවේ දීයි.

මෙහිදී කාරක සභාවට සහභාගී වූ ගරු මන්ත්‍රීවරුන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී අමාත්‍ය කුමාර ජයකොඩි මේ බව පැවසුවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් එම අවස්ථාවේදී ඉන්දීය අදානි මව් සමාගම විසින් මෙම ව්‍යාපෘතියෙන් තමන් ඉවත්වන බව දන්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලැබී තිබුණු බවත් මේ අනුව ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබඳ අමාත්‍යාංශය දැනුවත් කළ බවයි.

නමුත් සුලං බල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමාගමේ නියෝජිත ආයතනය සමගින් බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එබැවින් ලිපිය යවා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂිත බව අමාත්‍ය කුමාර ජයකොඩි මෙහිදී පැවසුවා.

මේ නිසා මෙම සති දෙක ඇතුළත සෘණාත්ම පිළිතුරක් ලැබුණහොත් පමණක් වෙනත් විකල්පයකට යොමුවීමට සිදුවන බව ඔහු තවදුරටත් පෙන්වා දුන් අතර, ඉදිරියේ දී මෙවැනි ව්‍යාපෘතිවල දී රජයන් අතර ගිවිසුම් (G2G) සහ තරඟකාරී ප්‍රසම්පාදනය හරහා පමණක් සිදුකිරීමට සැලසුම්කර ඇති බවත් සඳහන් කළා.

තවද මෙහිදී ඉංජිනේරුවරුන් ඇතුළුව ලංකා විදුලි බල මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු වූ අතර පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ ආර්ථික අර්බුදය පැවති කාලසීමාවේ දී බොහෝ ඉංජිනේරුවන් විදෙස්ගත වී ඇති බවත් මේ නිසා පුරප්පාඩු පවතින බවයි.

නමුත් පසුගියදා කොටස් තුනක් වශයෙන් මෙම පුරප්පාඩු පිරවීම සඳහා කැබිනට් අනුමතිය ලැබී ඇති බවත්; එහි පළමු කණ්ඩායම ඉදිරියේ දී බඳවාගැනීමට කටයුතු කරන බවත් නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?