අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපති වශයෙන් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 18 වැනි දින සිට කටයුතු කළ අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිය වසර 37කට අධික සේවා කාලය අවසන් කරමින් අද (31) දින විශ්‍රාම දිවියට එළැඹුණා.

අද උදෑසන නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ධුරයේ රාජකාරී අභිනව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ වෙත භාරදීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම ද සිදු කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අභිනව නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ සිට ඔහු පිටව යන මොහොතේ, ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුබාශිංසන පිරිනැමීම සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26