රටට බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ පසුගිය 27 වැනිදා දින දෙකක් සඳහා පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාද කල් දමනු ලැබුවා.
ඒ අනුව එම කල් දැමුණු තරුණ කටයුතු හා ක්‍රීඩා, කාන්තා හා ළමා කටයුතු, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු සහ පරිසර යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාද අද (01) දිනයේ ද සහ හෙට (02) දිනයේ දී වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන මෙන්ම වැවිලි සහ යටිතල පහසුකම් යන අමාත්‍යංශවල වැය ශීර්ෂ ද පැවැත්වීමට නියමිතයි.
කාරක සභා විවාද මෙම දින දෙක තුළ දී මධ්‍යම රාත්‍රී 12 වන තෙක් පැවැත්වෙන අතර පාර්ලිමේතුව මෙලෙස මාධ්‍යම රාත්‍රිය වන තුරු පවත්වන පළමු අවස්ථාව මෙය වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
1
+1





