ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ බවුසර්වලට ඉන්ධන පිරවීමේ පර්යන්තය වසා තැබීම හේතුවෙන් අද පැමිණෙන බවුසර්වලට ඉන්ධන පිරවීමට නොහැකි තත්ත්යක් උදාවන බව ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු කියා සිටියේ අද ඉරිදා දිනයේ එම පර්යන්තයේ සේවකයන්ට නිවාඩු ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ විශේෂ දීමනාවක් ලබා දී හෝ පිරවුම් පර්යන්තයේ සේවකයන් සේවයට කැඳවා බවුසර්වලට ඉන්ධන ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.
දිවයින පුරා සිපෙට්කෝ පිරවුම්හල් රැසකට ඇනවුම් කර ඇති ඉන්ධන තොග මෙතෙක් ලැබී නො මැති බව ද ඔහු කියා සිටියා.
ඉන්ධන නො මැති වීම හේතුවෙන් දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන හල් රැසක් ඊයේ දිනයේත් වසා තිබුණු අතර විවෘතව පැවති පිරවුම්හල්වල ඊයේ රාත්‍රිය පුරාවටත් දිගු පෝලිම් පැවතුණා.
මේ අතර බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නො මැතිවීම හේතුවෙන් අදත් දිවයින පුරා පැය දෙකයි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.














