අදත් බවුසර් හිස්ලු

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ බවුසර්වලට ඉන්ධන පිරවීමේ පර්යන්තය වසා තැබීම හේතුවෙන් අද පැමිණෙන බවුසර්වලට ඉන්ධන පිරවීමට නොහැකි තත්ත්යක් උදාවන බව ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු කියා සිටියේ අද ඉරිදා දිනයේ එම පර්යන්තයේ සේවකයන්ට නිවාඩු ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ විශේෂ දීමනාවක් ලබා දී හෝ පිරවුම් පර්යන්තයේ සේවකයන් සේවයට කැඳවා බවුසර්වලට ඉන්ධන ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.

දිවයින පුරා සිපෙට්කෝ පිරවුම්හල් රැසකට ඇනවුම් කර ඇති ඉන්ධන තොග මෙතෙක් ලැබී නො මැති බව ද ඔහු කියා සිටියා.

ඉන්ධන නො මැති වීම හේතුවෙන් දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන හල් රැසක් ඊයේ දිනයේත් වසා තිබුණු අතර විවෘතව පැවති පිරවුම්හල්වල ඊයේ රාත්‍රිය පුරාවටත් දිගු පෝලිම් පැවතුණා.

මේ අතර බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නො මැතිවීම හේතුවෙන් අදත් දිවයින පුරා පැය දෙකයි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලන්නකෝ තාත්තගෙයි පුතාගෙයි හිනාවෙවී කතා කරන හැටි..ටී.බී.ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වපු අයුරු
04:54
Video thumbnail
රුවන්වැලි මහා සෑයට, ශ්‍රී මහා බෝධියට විශාල බැතිමතුන්ට පිරිසක් පැමිණෙයි
01:15
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07