අත පය ගැට ගසා පුද්ගලයෙක් ඝාතනය කර KDH වෑන් රථය පැහැරගෙන ගිහින්

වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු උල්හිටියාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ අත පය ගැට ගසා ඔහුව ඝාතනය කර නිවසේ නවතා තිබූ KDH වර්ගයේ වෑන් රථයක් කොල්ලකා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (13) දහවල් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අවුරුදු 64ක මූදූකටුව, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධය වූ නිවසේ නිවැසියන් ඉතාලියේ පදිංචිව සිටින අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයා පමණක් එම නිවසේ මුරකරු වශයෙන් සේවය කරමින් සිට තිබෙනවා.

විදේශ ගතව සිටින නිවැසියන්ගේ ඥාතියෙකු ඊයේ එම නිවසට පැමිණි අවස්ථාවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා අත පය ගැට ගසා නිවසේ කාමරයක නිරුවතින් මියගොස් සිටිනවා දැක ඇති අතර, නිවසේ ගාරාජයේ නවතා තිබූ වෑන් රථය ද නොමැති බවට පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
6
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?