අත පය ගැට ගසා පුද්ගලයෙක් ඝාතනය කර KDH වෑන් රථය පැහැරගෙන ගිහින්

වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු උල්හිටියාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ අත පය ගැට ගසා ඔහුව ඝාතනය කර නිවසේ නවතා තිබූ KDH වර්ගයේ වෑන් රථයක් කොල්ලකා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (13) දහවල් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අවුරුදු 64ක මූදූකටුව, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධය වූ නිවසේ නිවැසියන් ඉතාලියේ පදිංචිව සිටින අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයා පමණක් එම නිවසේ මුරකරු වශයෙන් සේවය කරමින් සිට තිබෙනවා.

විදේශ ගතව සිටින නිවැසියන්ගේ ඥාතියෙකු ඊයේ එම නිවසට පැමිණි අවස්ථාවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා අත පය ගැට ගසා නිවසේ කාමරයක නිරුවතින් මියගොස් සිටිනවා දැක ඇති අතර, නිවසේ ගාරාජයේ නවතා තිබූ වෑන් රථය ද නොමැති බවට පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56