අතුරුදහන් වූ පුද්ගලයෙක් සොයන්න පොලිසිය මහජන සහය පතයි

පසුගිය අගෝස්තු මස 25වන දින සිට තම සැමියා අතුරුදන් වී ඇති බවට කාන්තාවක් විසින් මරදාන පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලක් මත මරදාන පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

කෝණාර මුදියන්සේලාගේ කළණ හිමේෂ් බණ්ඩාර නම් වයස අවුරුදු 28ක විවාහක පුදගලයෙක් මෙලෙස අතුරුදහන් වී ඇති අතර ඔහු මීට කොළඹ ප්‍රදේශයේ රෝහලක හෙද සේවයේ රාජකාරිකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අතුරුදහන් වූ පුද්ගලයා වැව පාර හන්දිය, රදලියද්ද, බිබිල යන ලිපිනයේ පදිංචිව සිටි අයෙක්.

ඒ අනුව පොලිසිය විසින් අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමු කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 85 91 563 සහ 011 26 92 888 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?