අතුරුදන් වූ නඩු ලේඛන හමු වූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දෙයි

අස්ථානගත ව තිබූ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ සියලු ලේඛන යළි සොයාගැනීමට හැකි වූ බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට දැනුම්දුන්නා.

එකී ලේඛනවලින් කොටසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ලේඛනාගාරයේ තිබියදීත්, තවත් කොටසක් අමාත්‍යාංශයක් වෙත යොමු කර තිබියදීත් සොයා ගැනීමට හැකි වූ බවයි එම නීතිඥවරිය වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

සතියක කාලයක් ඇතුළත තම අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ භාරකරු වෙත අදාළ ලේඛන නිසි ආකාරයට භාරදීමටත්, සති දෙකක් ඇතුළත කාලයක දී ඒවායේ ඡායාස්ථ පිටපත් විත්තියට භාරදීමට පියවර ගන්නා ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නීතිඥවරියට නියෝග කළා.

එකී ලේඛන අස්ථානගත වී ඇති බව පෙර නඩු දිනයේ දී දැනුම්දෙනු ලැබුවේ ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව බවත්, නඩු පැවරීමෙන් පසුව නඩුවට අදාළ ලේඛන අස්ථානගත වීම මෙන් ම ඒවා හිටිහැටියේම හමුවීම හේතුවෙන් විශේෂ විභාගයක් සිදු කළ යුතු බවත් පළමු විත්තිකරු ප්‍රියංකර ජයරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියා.

ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ව කටයුතු කරන කාලයේ දී, එනම් 2011 අගෝස්තු 16 සහ 2012 දෙසැම්බර් 31 අතර කාලයේ දී සිය ලේකම්වරයා ලෙස කටයුතු කළ දෙවැනි චූදිත වන බාලමානගේ ජයවංශ නමැත්තාට එකී තනතුරට අමතරව අමාත්‍යාංශයේ ස්ථාපිත කර නොමැති තනතුරක් ඇති කර, එනම් සංවර්ධන සම්බන්ධීකරණ තනතුර ඇති කර, ඊට බඳවා ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙලඹීම ඇතුළු චෝදනා 06ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය පනත ප්‍රකාරව නඩු පවරා තිබුණා.

ඒ අනුව එම නඩුව යළිත් ජුනි මස 16 වැනිදා කැඳවීමට ද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
5
+1
63
+1
5
+1
2
+1
2
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29