අතුරුදන් වූ නඩු ලේඛන හමු වූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දෙයි

අස්ථානගත ව තිබූ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ සියලු ලේඛන යළි සොයාගැනීමට හැකි වූ බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට දැනුම්දුන්නා.

එකී ලේඛනවලින් කොටසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ලේඛනාගාරයේ තිබියදීත්, තවත් කොටසක් අමාත්‍යාංශයක් වෙත යොමු කර තිබියදීත් සොයා ගැනීමට හැකි වූ බවයි එම නීතිඥවරිය වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

සතියක කාලයක් ඇතුළත තම අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ භාරකරු වෙත අදාළ ලේඛන නිසි ආකාරයට භාරදීමටත්, සති දෙකක් ඇතුළත කාලයක දී ඒවායේ ඡායාස්ථ පිටපත් විත්තියට භාරදීමට පියවර ගන්නා ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නීතිඥවරියට නියෝග කළා.

එකී ලේඛන අස්ථානගත වී ඇති බව පෙර නඩු දිනයේ දී දැනුම්දෙනු ලැබුවේ ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව බවත්, නඩු පැවරීමෙන් පසුව නඩුවට අදාළ ලේඛන අස්ථානගත වීම මෙන් ම ඒවා හිටිහැටියේම හමුවීම හේතුවෙන් විශේෂ විභාගයක් සිදු කළ යුතු බවත් පළමු විත්තිකරු ප්‍රියංකර ජයරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියා.

ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ව කටයුතු කරන කාලයේ දී, එනම් 2011 අගෝස්තු 16 සහ 2012 දෙසැම්බර් 31 අතර කාලයේ දී සිය ලේකම්වරයා ලෙස කටයුතු කළ දෙවැනි චූදිත වන බාලමානගේ ජයවංශ නමැත්තාට එකී තනතුරට අමතරව අමාත්‍යාංශයේ ස්ථාපිත කර නොමැති තනතුරක් ඇති කර, එනම් සංවර්ධන සම්බන්ධීකරණ තනතුර ඇති කර, ඊට බඳවා ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙලඹීම ඇතුළු චෝදනා 06ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය පනත ප්‍රකාරව නඩු පවරා තිබුණා.

ඒ අනුව එම නඩුව යළිත් ජුනි මස 16 වැනිදා කැඳවීමට ද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
5
+1
63
+1
5
+1
2
+1
2
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?