AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන් වූ දියණිය සොයා දෙන්නැයි මවක් පොලිසියේ වැළපෙයි

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය අතුරුදන්ව ඇති බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ටිකිරියාදුර නෙලූකා චාන්දනී නමැති 40 හැවිරිදි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. මග්ගොන, ගොඩැල්ල පරේ පදිංචිව සිටින ඇය එදින උදෑසන 9.15 ට පමණ තමන් වෙළෙඳ සැලකට ගොස් නැවත නිවසට පැමිණෙන විට දියණිය දක්නට නොලැබුණු බවත් ඇය සොයාදෙන ලෙස පොලිසියෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බවත් හැඬූ කඳුලින් ප්‍රකාශ කර ඇතැයි පොලිස් නිලධාරියකු සඳහන් කරයි. 

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙනීම් කටයුතු සඳහා මව විසින් දැරියට ජංගම දුරකථනයක් මිලදීගෙන ලබාදී ඇති අතර එම දුරකථනයට වෙනත් ජංගම දුරකතනයකින් නිතර නිතර ඇමතුම් ලබාගෙන ඇති බවත් එය මේ වනවිට විසන්ධි කර ඇති බවත් පොලිසිය කියයි. එබැවින් දැරියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබී ඇති දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?