අතුරුදන් වූ දියණිය සොයා දෙන්නැයි මවක් පොලිසියේ වැළපෙයි

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය අතුරුදන්ව ඇති බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ටිකිරියාදුර නෙලූකා චාන්දනී නමැති 40 හැවිරිදි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. මග්ගොන, ගොඩැල්ල පරේ පදිංචිව සිටින ඇය එදින උදෑසන 9.15 ට පමණ තමන් වෙළෙඳ සැලකට ගොස් නැවත නිවසට පැමිණෙන විට දියණිය දක්නට නොලැබුණු බවත් ඇය සොයාදෙන ලෙස පොලිසියෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බවත් හැඬූ කඳුලින් ප්‍රකාශ කර ඇතැයි පොලිස් නිලධාරියකු සඳහන් කරයි. 

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙනීම් කටයුතු සඳහා මව විසින් දැරියට ජංගම දුරකථනයක් මිලදීගෙන ලබාදී ඇති අතර එම දුරකථනයට වෙනත් ජංගම දුරකතනයකින් නිතර නිතර ඇමතුම් ලබාගෙන ඇති බවත් එය මේ වනවිට විසන්ධි කර ඇති බවත් පොලිසිය කියයි. එබැවින් දැරියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබී ඇති දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09