සාමකාමී අරගලයක මූලිකත්වය ගෙන කටයුතු කළ තිසර යන පුද්ගලයා අතුරුදන්ව ඇති බව තොරතුරු වාර්තා වු අතර මේවනවිට තිසර මෝදර පොලිසියේ රදවාගෙන සිටින බව වාර්තා වෙයි.මේ වන විට මානව හිමිකම් කොමිෂන්සභාවට පොලිසිය මේ සම්බන්දව දැනුම් දි තිබේ. මෝදර පොලිසියේ රදවා ඇති මොහුව සවස 4ට අලුත් කඩේ උසාවියට ඉදිරිපත් කරන බව මනුෂ නානායක්කාර මහතා සදහන් කරයි.

Update – පැහැරගත් බව කියන තරුණයා ගැන පොලිසියෙන් කියූ කතාව
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන තිසර අනුරුද්ධ බණ්ඩාර නම් විශ්ව විද්‍යාල තරුණයා පැහැරගෙන නොමැති බව පොලිසිය පවසනවා.
මෙම තරුණයා මෝදර ප්‍රදේශයේදී පැහැරගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරක් සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුවගෙන් කළ විමසීමකදීයි ඔහු මේබව කියාසිටියේ.
කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රී මෙම තරුණයා සිය භාරයට ගෙන ඇති අතර ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තියට අනුවයි.




