අතුරුදන්ව සිටි අයෙකුගේ මළ සිරුරක් දින තුකනට පසු පේසාලෙයි වෙරළේ (ඡායාරූප)

පසුගිය 20 වනදා සිට අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (23) පේසාලෙයි වෙරළේ තිබිය දී සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කිලිනොච්චිය, යුනියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කේ.ඇලෙක්ස් නැමැති දෙදරු පියෙකුගේ මළ සිරුරක් මෙලෙස හමුව ඇති බවයි.

අදාළ පුද්ගලයා පසුගිය 20 වනදා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මුහුදු ගොස් වෙරළට පැමිණීමෙන් අනතුරුව අතුරුදහන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහු සමඟ මුහුදු ගිය අනෙක් පුද්ගලයින් දෙදෙනා පේසාලෙයි පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති අතර, අදාළ පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (23) පේසාලෙයි වෙරළට ගොඩගසා තිබියදී මෙලෙස සොයාගෙන තිබෙනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා සමඟ අවසන්වරට මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනාගෙන් සහ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය සඳහන් කළා.

Mannar 01
Mannar 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?