අතුරුදන්ව සිටි අයෙකුගේ මළ සිරුරක් දින තුකනට පසු පේසාලෙයි වෙරළේ (ඡායාරූප)

පසුගිය 20 වනදා සිට අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (23) පේසාලෙයි වෙරළේ තිබිය දී සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කිලිනොච්චිය, යුනියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කේ.ඇලෙක්ස් නැමැති දෙදරු පියෙකුගේ මළ සිරුරක් මෙලෙස හමුව ඇති බවයි.

අදාළ පුද්ගලයා පසුගිය 20 වනදා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මුහුදු ගොස් වෙරළට පැමිණීමෙන් අනතුරුව අතුරුදහන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහු සමඟ මුහුදු ගිය අනෙක් පුද්ගලයින් දෙදෙනා පේසාලෙයි පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති අතර, අදාළ පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (23) පේසාලෙයි වෙරළට ගොඩගසා තිබියදී මෙලෙස සොයාගෙන තිබෙනවා.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා සමඟ අවසන්වරට මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනාගෙන් සහ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය සඳහන් කළා.

Mannar 01
Mannar 02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04