අතුරුගිරිය ඝාතනයට 07 දෙනෙකු අත්අඩංගුවට

පෙරේදා (08) උදෑසන 10ට පමණ අතුරුගිරිය නගරයේ ඔරුවල ප්‍රදේශයේ ටැටූ ආයතනයක දී ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා යන අය සහ නයන වාසුල යන අයට මරු කැඳවමින් ද තවත් සයදෙනෙකුට බරපතළ තුවාල සිදු කරමින් සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම පුද්ගලයින් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව, අතුරුගිරිය යන ප්‍රදේශවලදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කරන පරිදි මේ වනවිට අදාළ සැකකරුවන් ව අතුරුගිරිය පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24,27,28,31 හා 37 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් බලපිටිය, අම්බලන්ගොඩ, ගනේමුල්ල හා බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙඩි තැබීම සිදු වූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන එන ලද සැකකරුවන් දෙදෙනකු, එම කාර් රථය අපරාධය සිදු කිරීමට පෙර නිවස පිහිටි ඉඩමේ තබාගෙන සිටි සැකකරුවෙකු, අපරාධයෙන් පසු සැකකරුවන් හට පැන යාමට භාවිතා කළ වෑන් රථය තබාගෙන සිටි සැකකරු මේ අතරට අයත්.

අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරුවන් පලා ගිය ව්‍යාජ අංක තහඩු යෙදූ කාර් රථය, වෑන් රථය සහ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ ජංගම දූරකථනය විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම විදේශගත ව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයවීම මත සිදු ව ඇත්තක් බවටයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හා අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?