අති නවීන ගිනි අවියක්, දියමන්ති අත් ඔරලෝසුවක්, බ්‍රේස්ලට් එකක් සහ දියමන්ති මුදුවක් සොරාගත් පුද්ගලයෙක් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ශාන්ත ජෝසප් වීදිය පවතවාගෙන යනු ලබන රෙදි ගබඩාවක තිබී සැකකරු විසින් මෙම අති නවීන ගිනි අවිය ඇතුළු අනෙකුත් දේපළ පසුගිය 14 වනදා සොරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සොරකම සම්බන්ධයෙන් රෙදි ගබඩාවේ හිමිකරු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ඇරඹු පොලිසිය ආරක්‍ෂිත කැමරා දර්ශන උපයෝගී කරගෙන සක්කරුඅ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ස්ටේටස් පුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රහුමාන් හසන් නොහොත් ;ඩුබායි; නැමැත්තෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු සන්තකයේ තිබී සොරාගත් භාණ්ඩ ද සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.







