AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නැයි චීනය රටවැසියන්ට දැනුම් දෙයි

හදිසි අවස්ථාවක් එළඹුන හොත් ඊට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගන්නැයි චීනය සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එරට වෙළඳ අමාත්‍යංශය විසින් එය නිවේදනය කර ඇති බවයි.

කෙසේවෙතත් හදිසියේ භාණ්ඩ එක්රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට දැනුම්දීමට හේතුව කුමක්ද යන්න කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනා ගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානි වීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ල වීම මධ්‍යයේ චින බලධාරීන් මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් වෙළඳ අමාත්‍යංශයේ දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ හේතුවෙන් වෙළඳසැල්වල දිගු පෝලිම් ද දැකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ලෙසයි චීනයේ වෙළඳ අමාත්‍යංශය සැපයුම්කරුවන්ට දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?