අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීම සිදුවෙයිද ?

කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තීරණයක් අද (27) කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා විය.

මේ අතර, කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණයකර ඇත.

එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එසේම සහල්, තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ද ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර  ඇති බව වාර්තා විය.

ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන්  ඇතුළත් ගැසට් පත්‍රය  අවලංගු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?