AFC Banner
AFC Banner
Empty Ad

අත්‍යවශ්‍ය ආහාර වර්ග හතරක මිල අඩු වෙයි

අත්‍යවශ්‍ය ආහාර වර්ග හතරක මිල තවදුරටත් අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 25කින්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින් සහ දේශීය රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමටයි සතොස පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම පාන්පිටි කිලෝවක මිල ද රුපියල් 5 කින් අඩු කර තිබෙනවා.

මිල අඩු කිරීම් අනුව ලංකා සතොස මගින් වියලි මිරිස් කිලෝවක් රුපියල් 1675 කටත්, ලොකු ළූණු කිලෝවක් රුපියල් 165 කටත්, දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 169 කට සහ පාන්පිටි කිලෝවක් රුපියල් 230 කට මිලදී ගත හැකියි.

නව මිල ගණන් හෙට (2) සිට ක්‍රියාත්මක බවයි ලංකා සතොස සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?