AFC Banner
AFC Banner
Empty Ad

අත්තනගලු ඔය, කැළණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළට – ගංවතුර ඇතිවීමේ අවදානමක්

පවතින වර්ෂාපතනයත් සමඟ අත්තනගලු ඔය, කැළණි ගඟ, කළු ගඟ සහ ගිං ගඟ යන ගංගාවල මධ්‍යම ධාරා ප්‍රදේශවල සහ ඉන් පහළ ප්‍රදේශවල ජන මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.

එමෙන්ම ගංගාවල ගංවතුර නිම්න ප්‍රදේශ මේ වනවිටත් ජලයෙන් පිරී පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අද (11) දිනයේ ඉහළ වර්ෂා පතනයක් ඇති වුවහොත් ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානම අධික බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මේ හේතුවෙන් අත්තනගලු ඔය, කැළණි ගඟ, කළු ගඟ සහ ගිං ගඟ යන ගංගාවල පහත බිම්වල පදිංචි ජනතාව දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම අත්තනගලු ඔය ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් එම ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ දිවුලපිටිය, මීරිගම, මිනුවන්ගොඩ, අත්තනගල්ල, මහර, ගම්පහ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව දැඩි සැළකිලිමත්ව කටයුතු කරන ලෙස ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?