අත්තනගලු ඔය, කැළණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළට – ගංවතුර ඇතිවීමේ අවදානමක්

පවතින වර්ෂාපතනයත් සමඟ අත්තනගලු ඔය, කැළණි ගඟ, කළු ගඟ සහ ගිං ගඟ යන ගංගාවල මධ්‍යම ධාරා ප්‍රදේශවල සහ ඉන් පහළ ප්‍රදේශවල ජන මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.

එමෙන්ම ගංගාවල ගංවතුර නිම්න ප්‍රදේශ මේ වනවිටත් ජලයෙන් පිරී පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අද (11) දිනයේ ඉහළ වර්ෂා පතනයක් ඇති වුවහොත් ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානම අධික බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මේ හේතුවෙන් අත්තනගලු ඔය, කැළණි ගඟ, කළු ගඟ සහ ගිං ගඟ යන ගංගාවල පහත බිම්වල පදිංචි ජනතාව දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම අත්තනගලු ඔය ද්‍රෝණියේ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් එම ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ දිවුලපිටිය, මීරිගම, මිනුවන්ගොඩ, අත්තනගල්ල, මහර, ගම්පහ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව දැඩි සැළකිලිමත්ව කටයුතු කරන ලෙස ද දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42