අතහැර දැමූ වැව් 497ක ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

දශක ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකරන ලද දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ඇති වැව් 497ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 72ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 29ක ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (31) සහ අද ආරම්භ වූයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ඊයේ පෙරවරුවේ ගෝමරන්කඩවල දිවුල්වැව හා පලුගස්වැව වැව් ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යවරයා නිරීක්ෂණය කරනු ලැබුවා.

එමෙන්ම අද (01) අමාත්‍යවරයා හොරොව්පොතාන ප්‍රදේශයේ කැන්දුටුවැව ප්‍රතිසංස්කරණය කටයුතු අරඹමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය CSIAP – Climate Smart Irrigation Agriculture project යටතේ යි මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත්තේ.

විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැතිව පීඩා වීඳින ගම්මානවල ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම සඳහා ඔවුන්ට අවශ්‍ය ජලය සපයා දීම මෙම වාරි ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙරට කිසිදු දිනෙක ප්‍රතිසංස්කරණය නොකරන ලද අතහැර දැමූ වැව් 870ක් මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති අතර ඉන් 497ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසර තුළ සිදු කෙරෙනු ඇති.

එමෙන්ම රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තවත් වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 300ක් මේ වනවිටත් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?