අතහැර දැමූ වැව් 497ක ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

දශක ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකරන ලද දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ඇති වැව් 497ක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 72ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 29ක ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (31) සහ අද ආරම්භ වූයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ඊයේ පෙරවරුවේ ගෝමරන්කඩවල දිවුල්වැව හා පලුගස්වැව වැව් ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යවරයා නිරීක්ෂණය කරනු ලැබුවා.

එමෙන්ම අද (01) අමාත්‍යවරයා හොරොව්පොතාන ප්‍රදේශයේ කැන්දුටුවැව ප්‍රතිසංස්කරණය කටයුතු අරඹමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය CSIAP – Climate Smart Irrigation Agriculture project යටතේ යි මෙම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත්තේ.

විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැතිව පීඩා වීඳින ගම්මානවල ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නඟා සිටුවීම සඳහා ඔවුන්ට අවශ්‍ය ජලය සපයා දීම මෙම වාරි ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙරට කිසිදු දිනෙක ප්‍රතිසංස්කරණය නොකරන ලද අතහැර දැමූ වැව් 870ක් මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති අතර ඉන් 497ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසර තුළ සිදු කෙරෙනු ඇති.

එමෙන්ම රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තවත් වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 300ක් මේ වනවිටත් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46