අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටි හමුදා සාමාජිකයන් දෙනෙකු ට තුවාල

වවුනියාව, ඕමන්තේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටී යුද හමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ කැබ් රථයක් වවුනියාව, ඕමන්ත මහා විද්‍යාලය අසල මාර්ග බාධකයේදී නැවැත්වීමට සංඥා කිරීමේදී එහි රාජකාරියේ නිරතව සිටි හමුදා සාමාජිකයින් දෙදෙනකු අනතුරට ලක්කර කැබ් රථය පළා ගොස් ඇති බවය.

පසුව එය අසල බෝක්කුවක ගැටී නතර වී ඇති අතර එහි සිටි පුද්ගලයින් පළාගොස් තිබේ.

අදාළ කැබ් රථය මේ වන විට ඕමන්ත පොලීසිය භාරයේ ඇති අතර අනතුරින් තුවාල ලැබූ හමුදා සාමජිකයින් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (17) පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?