Empty Ad
Empty Ad
 Empty Ad

අඩු පීඩන තත්වය ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඉවතට

දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතී. එබැවින් අද සවස සිට දිවයිනේ කාලගුණයට එහි බලපෑම අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිනයේදී උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?