අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) උදෑසන නිකුත් කළ කාලගුණ වාර්තාවේ අනතුරු අඟවා තිබෙනවා.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ලගාවනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.

මෙහි බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවද එම කාලගුණ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

තවද අද දිනයේ දී උතුරු පළාතෙත්, අනුරාධපුර, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් පවතිනවා.

ඊට අමතරව සෙසු ප්‍රදේශ වල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් බලාපොරොත්තු වනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
2
+1
1
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් - පරිසර ඇමති පාර්ලිමේන්තුවේ පැටලෙයි.."චාමර සම්පත් වලිගේ පාගගෙන..ජනතාව නොමඟ යවන්න එපා"
04:42
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 07.01.2026
08:08:52
Video thumbnail
මල්ලකුත් උස්සන් අධිකරණයට එන ඩුබ්ලිකේට් ඉෂාරා..
02:01
Video thumbnail
ප්‍රසාද් සර් කුපිත වී වටේටම දෙසයි.."ඇමති කැන්ටිමේ හිටියනේ ඇවිත් උත්තර දෙන්න"
11:12
Video thumbnail
වෛද්‍යවරු රවට්ටපු ආණ්ඩු වැඩි කල් ඉන්නේ නෑ
13:04
Video thumbnail
වි#සිවෙලා ගිය යතුරුපැදිය - කැමරාවේ සටහන් වූ අනතුර
00:32
Video thumbnail
ගම්මන්පිල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා කුපිතවෙයි..සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අවුල් ජාලවක්
05:33
Video thumbnail
කාලගුණය කැළඹෙයි
02:10
Video thumbnail
ලක්මාලී සභාවේ ලෙසටම උණුසුම් වෙයි.."කාටවත් කුණුහරුප කියන්න මෙතන Free License දීලා නෑ"
10:14
Video thumbnail
ප්‍රදේශය රැසකට රතු නිවේදන - ආරක්‍ෂිත ස්ථාන බලා යන්න
02:33


?