අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙයි

ශ්‍රී ලංකාවේ මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවතින අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කරනවා.

මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවයි එම දෙපාර්මේන්තුව සඳහන් කළේ.

මේ අතර උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

සෙසු ප්‍රදේශවල අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?