අඟහරු මෙහෙයුමට යන්න කැමති අයට නාසා අයදුම්පත් කැඳවයි

ග්‍රහලෝකයක් තුළ ජීවත් වීමට කැමැත්තකින් පසුවන පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව උදා කර දීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අඟහරු ග්‍රහයා මත ජීවත් වීමට ඉදිරියේ දී සීමිත පිරිසකට අවස්ථාව හිමිවනු ඇති.

අඟහරු ග්‍රහයා මත පෘථිවි ජීවීන්ට ජීවත් විය හැකි ද යන්න පිළිබඳ සිදුකරනු ලබන නවතම අධ්‍යනයක් සඳහා මේ දිනවල නාසා ආයතනය අයදුම්පත් කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.අඟහරු ග්‍රහ ලෝකය තුළ ජීවත් වීමට පෙර ඊට අතිශයින් ම සමාන ත්‍රිමාන ආකෘතියක් තුළ ජීවත්වීම සදහා සිව් දෙනෙකුගෙන් සැදුම්ලත් ස්වේච්ඡා කාර්ය මණ්ඩලයක් මේ සඳහා යොමු කිරීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වනුයේ අනාගතයේදී අඟහරු මතුපිටට ගොඩබසින ගගනගාමීන් ගේ ජීවන තත්ත්වයට සමාන වන පරිදි මෙහි ක්‍රියාකාරීත්වය මැනීමයි.

ඊට අයදුම් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවන අතර එය අප්‍රේල් මස 2 වන දායින් අවසන් වනු ඇති.

අයදුම්කරුවන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණයන් වීම අත්‍යාවශ්‍ය වන අතර වයස අවුරුදු 30ත් 55 ත්අතර දුම්පානය නොකරන නිරෝගී එක්සත් ජනපද පුරවැසියෙක් වීම අනිවාර්යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
3
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?