අඟහරු මෙහෙයුමට යන්න කැමති අයට නාසා අයදුම්පත් කැඳවයි

ග්‍රහලෝකයක් තුළ ජීවත් වීමට කැමැත්තකින් පසුවන පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව උදා කර දීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අඟහරු ග්‍රහයා මත ජීවත් වීමට ඉදිරියේ දී සීමිත පිරිසකට අවස්ථාව හිමිවනු ඇති.

අඟහරු ග්‍රහයා මත පෘථිවි ජීවීන්ට ජීවත් විය හැකි ද යන්න පිළිබඳ සිදුකරනු ලබන නවතම අධ්‍යනයක් සඳහා මේ දිනවල නාසා ආයතනය අයදුම්පත් කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.අඟහරු ග්‍රහ ලෝකය තුළ ජීවත් වීමට පෙර ඊට අතිශයින් ම සමාන ත්‍රිමාන ආකෘතියක් තුළ ජීවත්වීම සදහා සිව් දෙනෙකුගෙන් සැදුම්ලත් ස්වේච්ඡා කාර්ය මණ්ඩලයක් මේ සඳහා යොමු කිරීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වනුයේ අනාගතයේදී අඟහරු මතුපිටට ගොඩබසින ගගනගාමීන් ගේ ජීවන තත්ත්වයට සමාන වන පරිදි මෙහි ක්‍රියාකාරීත්වය මැනීමයි.

ඊට අයදුම් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවන අතර එය අප්‍රේල් මස 2 වන දායින් අවසන් වනු ඇති.

අයදුම්කරුවන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණයන් වීම අත්‍යාවශ්‍ය වන අතර වයස අවුරුදු 30ත් 55 ත්අතර දුම්පානය නොකරන නිරෝගී එක්සත් ජනපද පුරවැසියෙක් වීම අනිවාර්යයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39