AFC Banner
AFC Banner
Empty Ad

අග්‍රාමාත්‍යවරිය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අතර අද (17) දින පැවති සාකච්ඡාවේ දී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ; විශ්වවිද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබඳ ව මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ පූර්ණ අවධානය යොමු වූ බවයි.

මෙම සාකච්ඡාව සඳහා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?