අග්බෝපුර අඹුසැමි යුවළකට පොරෝ ප්‍රහාරයක් – බිරිඳ ජීවිතක්ෂයට

කන්තලේ, අග්බෝපුර, 84 ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට අසල්වාසී නිවසක පදිංචි අයෙකු පොරවකින් සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් සැමියා තුවාල තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (29) රාත්‍රි 8.30ට පමණ මෙම අපරධය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ශිරෝමාලා ප්‍රනාන්දු නැමැති 44 හැවිරිදි වියේ පසුවූ දෙදෙරු මවක්.

තුවාල ලැබූ ස්වාමිපුරුෂයා මේ වනවිට කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ අසල්වැසියා නිතර මත්පැන් පානය කරමින් පරුෂ වචනයෙන් කෑ කෝ ගසන අයෙක් වන අතර, ඔහු ඊයේ රාත්‍රියේදී ද බීමතින් පැමිණ පරුෂ වචන කියමින් කෑ ගසා තිබෙනවා.

එම අවස්ථාවේ දී සැමියා විසින් එලෙස කෑ කෝ නොගසන ලෙස පැවසූ අවස්ථාවේ දී ඊට කෝපට පත්ව පොරවකින් පහර දී තිබෙනවා.

එහිදී තම සැමියාට පොරවකින් පහර දෙන බව ශිරෝමාලා එය වැලැක්වීමට මැද්දට පැන ඇති අතර එලෙස එල්ල කළ පොරෝ පහර ඇයගේ පපු ප්‍රදේශට වැදී ඇති බවයි වාර්තා වුණේ.

ඝතනය සිදුකළ සැකකරු අත්තඩංගුවට ගත් බව අග්බෝපුර පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
4
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21