spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අග්බෝපුර අඹුසැමි යුවළකට පොරෝ ප්‍රහාරයක් – බිරිඳ ජීවිතක්ෂයට

කන්තලේ, අග්බෝපුර, 84 ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකට අසල්වාසී නිවසක පදිංචි අයෙකු පොරවකින් සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් සැමියා තුවාල තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (29) රාත්‍රි 8.30ට පමණ මෙම අපරධය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ශිරෝමාලා ප්‍රනාන්දු නැමැති 44 හැවිරිදි වියේ පසුවූ දෙදෙරු මවක්.

තුවාල ලැබූ ස්වාමිපුරුෂයා මේ වනවිට කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ අසල්වැසියා නිතර මත්පැන් පානය කරමින් පරුෂ වචනයෙන් කෑ කෝ ගසන අයෙක් වන අතර, ඔහු ඊයේ රාත්‍රියේදී ද බීමතින් පැමිණ පරුෂ වචන කියමින් කෑ ගසා තිබෙනවා.

එම අවස්ථාවේ දී සැමියා විසින් එලෙස කෑ කෝ නොගසන ලෙස පැවසූ අවස්ථාවේ දී ඊට කෝපට පත්ව පොරවකින් පහර දී තිබෙනවා.

එහිදී තම සැමියාට පොරවකින් පහර දෙන බව ශිරෝමාලා එය වැලැක්වීමට මැද්දට පැන ඇති අතර එලෙස එල්ල කළ පොරෝ පහර ඇයගේ පපු ප්‍රදේශට වැදී ඇති බවයි වාර්තා වුණේ.

ඝතනය සිදුකළ සැකකරු අත්තඩංගුවට ගත් බව අග්බෝපුර පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
4
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?