අගමැතිනියගේ අධ්‍යාපන ඇමතිකමට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් (වීඩියෝ)

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි 06 ශ්‍රේණිය සඳහා වන ප්‍රශ්න ගත ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයත් සමඟ අධ්‍යාපන අමාත්‍ය, අගමැති හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂවලින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) රාත්‍රියේ පැවති දසත ප්‍රහාරය වැඩසටහනට එක්වෙමින්.

ඊයේ (06) දිනයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම් රැස්වීම පැවති බවත් එහිදී අග්‍රමාත්‍යවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම අගමැතිවරියට එරෙහිව නීතිමය කටයුතු සඳහා අධිකරණය යාමට ද විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රහාරය වැඩසටහනේ දී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?