අගමැති මෝදිගේ මව සහ පේලේ වෙනුවෙන් ජනපති ශෝකය පළකරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන්ගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළකර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශෝකයෙන් පිරුණු මේ මොහොතේ අගමැති මෝදි ඇතුළු පවුලේ අයට සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවයි.

මේ අතර බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු තරුව වන පේලේගේ අභාවය පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශෝකය පළකරනු ලැබුවා.

පාපන්දු ක්‍රීඩක පේලේගේ අභාවය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවත්, ඔහු බාල මහලු කාගේත් සිත්ගත් සුවිශේෂී ක්‍රීඩකයෙක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඔහුගේ අභාවය සම්බන්ධයෙන් පේලේගේ පවුලේ සාමාජිකයින්ට සහ බ්‍රසීලයේ ජනතාවට තම ශෝකය පලකරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?