අගමැති මන්දාරම් නුවර ජනතාව මුණගැසෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (15) මන්දාරම්නුවර ජනතාව මුණගැසිණි.

ප්‍රදේශයේ යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග බොහෝ අදහස් හුවමාරු කරගත්තා

එළවළු වර්ග ඇතුළු අස්වැන්න කල් ඉකුත් නොවී, ප්‍රධාන වෙළඳපොළට ගෙනයාමට ආර්ථික මධ්‍යස්ථානයක අවශ්‍යතාවය ඔවුන් දැඩිව පෙන්වා දුන්නේය.

දරුවන්ට හා තරුණයන්ට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියක්, පානීය ජල හා මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් රැසක අඩුපාඩුව ඔවුන් පෙන්වා දුන්නේය.

ලංකාවේ සුන්දරම සුවිශේෂි කඳු ප්‍රදේශය ආරක්ෂා කොට රටට සහ ලොවට දකින්නට සහ විඳින්නට ඔවුන් කටයුතු කරන බැවින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ජන අනන්‍යතාවය, සංස්කෘතිය, සම්ප්‍රදායික තත්ත්වයන් නොවෙනස්ව, විශේෂයෙන් මතින් තොරව සංචාරක ව්‍යාපාරය තම ප්‍රදේශය තුල සංවර්ධනය විය යුතු බව ඔවුන් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?