අගමැති ධුරය මාරු කිරීම ගැටලුවට විසඳුමක් නොවේ

මහින්ද රාජපක්ෂ නැවත අගමැති ධුරයට පත් කළ ද රටේ පවතින ගැටලුවලට විසඳුමක් නොලැබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය යුත්තේ රට ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ හැකි කාර්යක්ෂම වැඩපිළිවෙලකින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති ධුරයට පත් කරන්නේ නම් එය එම පක්ෂයේ සහ රජයේ කටයුත්තක් බව ද ඔහු කියාසිටියා.

සමගි ජන බලවේගය හෝ වෙනත් කිසිදු පක්ෂයක් මැතිවරණය ප්‍රතික්ෂේප නොකරන බව ද මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.

අද මීරිගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ විපක්ෂය මැතිවරණයක් නොපවත්වන ලෙසට ඉල්ලා සිටි බවට ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයා කියන විශාලතම බොරුව බවයි.

එලෙස මැතිවරණය කල් දමන ලෙසට ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් හෙළි කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.

මැතිවරණ සිතියම හකුළා දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්ෂ ලෙස කටයුතු කර ඇති අතර එය කල් දැමීමට විපක්ෂය භාවිත නොකර ජනතාව ඉල්ලා සිටින මැතිවරණය ලබාදෙන ලෙසටයි ඔහු කියාසිටියේ.

මාධ්‍යවේදීන් මෙහිදී බදු සංශෝධන සහ විදුලි බිල සම්බන්ධයෙන් ද ප්‍රශ්න කළා.

මන්ත්‍රීවරයා ඊට පිළිතුරු දෙමින් කියාසිටියේ බදු වැඩි කිරීමට සහ විදුලි බිල වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ නොකරන බවයි.

මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ රටේ ආදායම වැඩි කර ගැනීම සම්බන්ධයෙන් වන අතර ඒ වෙනුවෙන් වියදම් සහ නාස්තිය ද අවම කර ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නාස්තිය සහ වියදම අවම කර ගැනීමකින් තොරව ආදායම වෙනුවෙන් බදු ඉහළ දැමීම පිළිගත නොහැකි බව තිස්ස අත්තනායක සඳහන් කළා.

විදුලිබල මණ්ඩලය තුල ඇති දූෂණය අවම කර රජයේ වෙනත් නාස්තිකාර වියදම් ද අවම කරන්නේ නම් ජනතාවට සහන ලබාදිය හැකි බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58