අගමැති දිනේෂ්ගෙන් සහ විපක්ෂ නායක සජිත්ගෙන් නව වසරට සුබපැතුම්

අලුත් බලාපොරොත්තු සහිත රටක් ඇති කිරීම සඳහා රජයේ ක්‍රියාදාමය දියත් කිරීමට මෙවර අයවැයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

2024 වසරට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙළ පෙරදැරිව විනයගරුක, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක් තුළ සශ්‍රීක අනාගතයක් උදෙසා ඉකුත් වසරේ මෙන්ම අප සියලු දෙනා එකාවන්ව කැපවීමෙන් කටයුතු කරන ලෙස ද එම සුබපැතුම් පණිවුඩය මඟින් ඔහු දැනුම් දෙනවා.

මේ අතර උදා වූ නව වසර සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සුබපැතුම් එක්කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා පවසන්නේ පසුගිය වසරේ සිතේ සතුටු විය හැකි කිසිවක් නොලද වසරක් වන අතරම, ජනතාවට ජයග්‍රහණයක සේයාවක්වත් ඒ වසර තුළ හමුවූයේ නැති බවයි.

පවත්නා ව්‍යාකූල සහ බලාපොරොත්තු විරහිත අන්ධකාර සමය නිමා කළ හැක්කේ විධිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මිස අන් කිසිවකින් නොවන බවයි විපක්ෂ නායකවරයා එමඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එබැවින් මූලික අරගලය විය යුත්තේ එළඹෙන වසරේ නව මැතිවරණයකට මඟ පාදා ගැනීම බව නව වසරේ සුබපැතුම් පණිවුඩය මඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබෙනවා.

2
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58