spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැති දිනේෂ්ගෙන් සහ විපක්ෂ නායක සජිත්ගෙන් නව වසරට සුබපැතුම්

අලුත් බලාපොරොත්තු සහිත රටක් ඇති කිරීම සඳහා රජයේ ක්‍රියාදාමය දියත් කිරීමට මෙවර අයවැයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

2024 වසරට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙළ පෙරදැරිව විනයගරුක, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක් තුළ සශ්‍රීක අනාගතයක් උදෙසා ඉකුත් වසරේ මෙන්ම අප සියලු දෙනා එකාවන්ව කැපවීමෙන් කටයුතු කරන ලෙස ද එම සුබපැතුම් පණිවුඩය මඟින් ඔහු දැනුම් දෙනවා.

මේ අතර උදා වූ නව වසර සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සුබපැතුම් එක්කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා පවසන්නේ පසුගිය වසරේ සිතේ සතුටු විය හැකි කිසිවක් නොලද වසරක් වන අතරම, ජනතාවට ජයග්‍රහණයක සේයාවක්වත් ඒ වසර තුළ හමුවූයේ නැති බවයි.

පවත්නා ව්‍යාකූල සහ බලාපොරොත්තු විරහිත අන්ධකාර සමය නිමා කළ හැක්කේ විධිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මිස අන් කිසිවකින් නොවන බවයි විපක්ෂ නායකවරයා එමඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එබැවින් මූලික අරගලය විය යුත්තේ එළඹෙන වසරේ නව මැතිවරණයකට මඟ පාදා ගැනීම බව නව වසරේ සුබපැතුම් පණිවුඩය මඟින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබෙනවා.

2
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?