AFC Banner
AFC Banner
Empty Ad

අගමැතිනි හා අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් අතර හමුවක් පවත්වා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම හමුව අධිකරණ අමාත්‍යාංශයේ හා එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතිය පිළිබඳ ව එම ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අධිකරණ අමාත්‍යාංශයේ දී කෙරුණු සාකච්ඡාවක් බවයි.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තා ලබාදීමේ ධාරිතාව තවදුරටත් වැඩි කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ ව මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු වුණා.

නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. අලෝක බණ්ඩාර, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන, නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ, දිල්රුක්ෂි සමරජීව, රජයේ රස පරීක්ෂක සන්ධ්‍යා රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) දර්ශන හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?