අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය අද (04) තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටිනවා.
”සෞභාග්‍යමත්, ඔරොත්තු දෙන හා විවෘත ”(Prosperous, Resilient and Open) යන තේමාව ඔස්සේ අද සිට අනිද්දා (06) තෙක් මෙම සමුළුවට රාජ්‍ය නායකයින් රැසක් බැංකොක් වෙත එක් රොක් ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවා වාර්තා කර ඇත්තේ.
BIMSTEC සමුළුවට සහභාගී වන BIMSTEC නායකයින් සඳහා තායිලන්තයේ අග්‍රාමාත්‍ය පෙටොංටාර්න් ෂිනවත්‍රා මහත්මිය විසින් ඊයේ (03) රාත්‍රියේ දී විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබුණු අතර ඊට ද හරිනි අමරසූරිය මෙනෙවිය එක් වුණා.
මීට අමතර ව BIMSTEC සමුළුවට සහභාගී ව සිටින භූතාන අගමැති ෂ්‍රයින් ටොබ්ගේ සහ නේපාල අගමැති කේ. සමඟ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.
ආර්ථික සහයෝගීතාව සහ කලාපීය සම්බන්ධතාව ඇතුළුව දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන ප්‍රධාන අංශවල සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි සාකච්ඡා අවධානය යොමු කෙරුණු බවයි අගමැතිනියගේ ෆේස්බුක් නිල ගිණුමෙහි දැක්වෙන්නේ.