අගමැතිතුමා තරුණයොත් එක්ක දුවන්න පුළුවන් යනුවෙන් පැවසූ හඬ පටය එඩිට් කරලා බට් කරලා හදපු එකක් – වීරසුමන වීරසිංහ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් බව පවසමින් පසු ගිය දා මාධ්‍ය වෙත නිකුත් කරන ලද හඬ පටය සංස්කරණය කර, සකස් කරන ලද හඬ පටයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කරන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

එමගින් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ, එහි අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන්නේ මාධ්‍යවේදියෙකු නොවන බව ත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මගින් එය සංස්කරණය කර සකසා මාධ්‍ය වෙත නිකුත් කළ හඬ පටයක් බව ය.

“ඔය වොයිස් කට් එක පණිවිඩයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. මාධ්‍යවේදී මහත්මයෙක් අහපු ප්‍රශ්නයක් නෙවෙයි. එයාල ම, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් එඩිට් කරලා, බට් කරලා හදපු එකක් තමයි හැම එකට ම එක ක්ලිප් එක ගියේ. අගමැතිතුමාගේ හෘද සාක්ෂියේ හඬ නෙවෙයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ.”

https://youtu.be/aNhe_-VSZag
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?