අගමැතිගෙන් උපදෙස් මත පුනර්ජනනීය බලශක්තියට ඇති බාධාවන් ඉවත් කිරීමට පියවර

විදුලි අර්බුදයට විසදුමක් ලෙස පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම සඳහා පවතින බාධාවන් ඉවත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතාට උපදෙස් ලබා දී තිබේ.

විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන අතර එම අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අරලියගහ මන්දිරයේ දී ඊයේ (26) පැවැත්වුණි.

අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල ප්‍රගතිය එහි දී සමාලෝචනයට ලක් වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය‍.

විදුලිබල මණ්ඩල පනත වර්තමානයට ගැලපෙන ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව මහජන උපයෝගිතා කොමිසම එහිදී පෙන්වා දී තිබේ.

පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේ දී විදුලිබල මණ්ඩලය මන්දගාමීව කටයුතු කරන බවට ද එම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්
00:26
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්..මුන් අපිට ගේට්ටුවෙන් එන්නවත් දෙන්නෑ යකෝ
02:50
Video thumbnail
හිටපු කථානායක පා.ම. අශෝක රංවල බිහිසුණු රිය අනතුරකට ලක්වෙයි
00:38
Video thumbnail
දැන් මිනිස්සු බේරගන්නවට වඩා ලෝක උරුමය ලොකුවෙලා..කඳුකරයේ තේ වගාව අයින් කරනවා?
12:50
Video thumbnail
හිටපු කථානායක පා.ම. අශෝක රංවල බිහිසුණු රිය අනතුරකට ලක්වෙයි..මෙන්න ඔබ නොදුටු නවතම දර්ශන
06:01
Video thumbnail
ආපදාවෙන් හානියට පත් මහියංගණය රෝහල බලන්න සෞඛ්‍ය නි.ඇමති යයි
01:32


?