අකුරේගොඩ වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ සැකකරුවන් 04ක් හඳුනාගැනේ

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ දී පෙරේදා (13) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම පිළිබඳව විමර්ශනය සඳහා කණ්ඩායම් 12ක් ක්‍රියාත්මක බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පවසනවා.

බත්තරමුල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (15) පස්වරුවේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මෙම ද්විත්ව ඝාතනයට සෘජුවම සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

ඒ, අනුව සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
2
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?