තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය සොයාගෙන තිබෙනවා.
ගාල්ල, කුට්ටියාවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබිය දී මෙමං රථය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ද්විත්ව ඝාතනය විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දා නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ පෙරේදා (13) පස්වරුවේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක දී වෙඩි තබා ඝාතනය කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
1
+1
+1
1



