අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහන කරන ලද බවට සැකකෙරෙන ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්, ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේ නිවසක තිබියදී අද (21) පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම් විසින් මෙම මෝටර් රථය සොයාගෙන සිය භාරයට ගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීම පසුගිය 13 වැනිදා සිදු වූ අතර ඊට පෙර 10 සහ 12 යන දින කිහිපය අතරතුර අදාළ ඝාතනයේ වෙඩික්කරුවන් කඩවත සහ කොට්ටාව අතර ප්‍රවාහන කිරීම සඳහා මෙම මෝටර් රථය යොදාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



