අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සජබ ට

අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගයට හිමි ව තිබෙනවා.

අද (12) උදෑසන පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද තුනකින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපතීත්වයට පත් වූ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කළා.

අකුරණ ප්‍රාදේශීය සභාවට සභික ධුර 30ක් හිමි ව තිබූ අතර, අද දින එක් අයෙකු නොපැමිණි අතර ඒ අනුව සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිත කළා.

සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තාරික් අලී මහතා ඉදිරිපත් වූ අතර ඔහු ඡන්ද 13ක් හිමි කරගත්තා.

මේ අතර උපසභාපති ධුරය සඳහා පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්න මහතා ඡන්ද 18ක් හිමි කරගනිමින් පත්වූ අතර, ජාතික ජන බලවේගයේ වසන්ත කුමාර මහතා හිමිකර ගනු ලැබුවේ ඡන්ද 11ක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?