අකාර්යක්ෂම රාජ්‍ය පාලනය මේ සියලු දේට හේතු වුණා – ඇමති ප්‍රසන්න

මේ මොහොතේ මුහුණ දෙන ගැටළු විසඳා ඔවුන් අපේක්ෂා කරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව සැලසෙන පරිදි කඩිනම් මැතිවරණයකට යා යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇති අතර අකාර්යක්ෂම රාජ්‍ය පාලනය ජනතාව මේ වනවිට මුහුණ දෙන ආර්ථික පීඩාවන්ට ප්‍රධානතම හේතුව බවයි ඔහු පවසන්නේ.

එම නිවේදනය පහතින්..

අද අපගේ මාතෘ භූමිය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී සිටී. මාතෘ භූමිය මේ ඛේදජනක තත්ත්වයට පත්වීමට වසර හැත්තෑ හතරක් තිස්සේ මෙරට ආණ්ඩු කළ සියලු පාලකයන් වගකිව යුතුය. අකාර්යක්ෂම රාජ්‍ය පාලනය අද මේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩාවන්ට ප්‍රධානතම හේතුවයි.
ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා 69 ලක්ෂයක ජනවරමින් පත් වූ ජනාධිපතිතුමාට ධූරයෙන් ඉවත්වන ලෙසට ප්‍රබල ජනතා බලපෑමක් එල්ල වී ඇත. එම ජන මතයට හිස නමමින් මේ මස දහතුන් වැනිදා සිය ධුරයෙන් ඉවත්වන බව ජනාධිපතිතුමා මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇත .එබැවින් මේ මොහොතේ මහජන නියෝජිතයන් වන අපගේ වගකීම වන්නේ තව දුරටත් ජනතාව විශ්වාස නොකරන පැලැස්තර පිළියම් ලබා දීම නොවේ. අපේ වගකීම වන්නේ ජනතාව වර්තමානයේ මුහුණ දී ඇති පීඩාවන්ට කඩිනම් විසඳුම් ලබා දීම මෙන්ම ජනතාව විශ්වාස කරන නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසීමයි. එය සිදුවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ය. ඒ සඳහා පෙරමුණ ගැනීම මහජන නියෝජිතයන් වන පාර්ලිමේන්තුවේ 225 දෙනාටම පැවරෙන මගහැරිය නොහැකි යුතුකමකි,වගකීමකි.
මේ නිසා මේ මොහොතේ අපේ යුතුකම සහ වගකීම වන්නේ ජනතාව ඉල්ලන සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට ඉඩ ලබා දීමය.එම සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට මේ මොහොතේ ජනතාව පීඩාවට පත් කරන තෙල් ගෑස් පොහොර විදුලිය අත්‍යවශ්‍ය ආහාර වැනි සියලු ගැටලු වලට විසඳුම් ලබා ලබාදීම සඳහා සහය වීම ය.ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම සඳහා ක්‍රමවේදයක් සැකසීම ය.කෝවිඩ් වසංගතය හා වත්මන් ආර්ථික අර්බුදය නිසා අඩාල වූ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීම ය. කෙටි කාලයක් තුළ නිශ්චිත කාල පරාසයක නිශ්චිත වැඩපිළිවෙලක් මඟින් ජනතාව මේ මොහොතේ මුහුණ දෙන ගැටළු විසඳා ඔවුන් අපේක්ෂා කරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව සැලසෙන පරිදි කඩිනම් මැතිවරණයකට යා යුතුයැයි මා විශ්වාස කරමි.ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න යැයි ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනය කරමි.
ස්තූතියි,
ප්‍රසන්න රණතුංග
(නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26