අංගොඩ ලොක්කාගේ මරණයේ DNA වාර්තාව එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගිය බවට එරටදී සිදුකළ ෘභ් පරීක්ෂාවක් මගින් තහවුරු වී තිබෙනවා.

මෙරට පොලිසිය හරහා සැකකරුගේ ඥාතීන්ගෙන් ලබාගත් ෘභ් සාම්පල ඉන්දීය පොලිසියට යොමු කිරීමෙන් පසු එහි සාම්පල සසඳා බැලීම සිදු කෙරුණා.

ඒ අනුව, අංගොඩ ලොක්කාගෙන් ලබාගත් සාම්පල සහ මෙරට ඔහුගේ ඥාතීන්ගෙන් ලබාගත් ෘභ් සාම්පල එකිනෙකට සමාන බවට තහවුරු වී ඇති බවයි ඉන්දීය පුවත් සේවා අද වාර්තා කර තිබුණේ.

සැකකරුට එරෙහිව එල්ල වී තිබූ අපරාධ සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ ඉන්දියාවට පළා ගිය අංගොඩ ලොක්කා, පසුගිය වසරේ ජූලි 03 වනදා චෙන්නායි හි කොයිම්බතූර් ප්‍රදේශයේදී හෘදයාබාධයකින් මියගොස් තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු‍කාරී තත්ත්වයක් හේතුවෙන් ෘභ් පරීක්ෂණයක් හරහා අනන්‍යතාව තහවුරු කරගැනීමටයි ඉන්දීය බලධාරීන් තීරණය කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?