ෆාතිමාගේ අවසන් කටයුතු සිදුකෙරේ (වීඩියෝ)

මීට සතියකට පෙර ඝාතනයට ලක් වූ ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ අවසන් කටයුතු අද (14) පස්වරුවේ සිදු කෙරුණා.

වැලිගල්ල, ඇල්පිටිය මුස්ලිම් පල්ලිය පොදු සුසාන භූමියේ දී ඇයගේ අවසන් කටයුතු මෙලෙස සිදුකළ බවයි ගම්පොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවස්ථාවට ඇයගේ පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වුණේ.

ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා මුනවුවරා නම් මෙම තරුණිය සිය සේවා ස්ථානය වෙත යමින් සිටියදී අතුරුදන් වූයේ පසුගිය ඉරිදා දිනයේයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය සිද්ධියට අදාළව සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වුණේ සැකකරු ඇයට අතවර කිරීමට උත්සාහ කළ බවත් ඇය ඊට එරෙහිව වීම හේතුවෙන් අසළ කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ෆාතිමාව ඝාතනය කර වළදැමූ බවයි.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත තරුණිය වළ දැමූ ස්ථානය කැනීම් සිදුකර ඇයගේ දේහය ඊයේ (13) ගොඩගනු ලැබුවා.

එලෙස ගොඩගත් දේහය 22 හැවිරිදි ෆාතිමා මුනව්වරාගේ බවට ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
0
+1
26
+1
6
+1
5
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?